මෙතරම් අසරණ වූ ජාතියක් තවත් ලොව ඇද්ද ?


                                                                                                                                                                              මෙය හුදු ලියවිල්ලක් නොවේ, 
 මෙය.............සිංහලේ ඉතිහාසය........මෙය යැයි හුවා දැක්වීමට අප ගත් උත්සහයක් ද නොවන්නේය.ජාතියක් ලෙස දෙපයින් සිටගැනීමට වෙරදැරූ මානව ශිෂ්ටාචාරයේ දරුණු කෙදවාචකයක්ම වන්නේය.මේ වසර දෙදහස් පන්සීයක ඔවුන්ගේ අදොනාවයි.  
                   සිංහල ජාතිය යන්න ජාතිකත්වයක් මත බිහි වූ ගෝත්‍රවාදී සමාජ කොට්ටාශයක් නොවේ.වසර දෙදහස් ගණනක් නිර්මාණයවේමින් විවිධ සංකල්පයන් මගින් පෝෂණය වෙමින් ලොව කිසිදු ජාතියකට නොදෙවෙනි වෙමින් අභිමානවත් ශිෂ්ටාචාරයක් හිමිකරගත් ශේෂ්ඨ ජාතියක්ම වන්නේය.එහෙයින් ඔවුන් ලොවට සිංහලයන්ම වන්නේය.ඒ ඔවුන්ගේ අනන්‍ය වූ පදනමයි. ඔවුන් ගොඩනැගුවේ තම ශිෂ්ටාචාරයට අනන්‍ය වූ සංස්කෘතියකි. එහි මුල බීජය වනුයේ බෞද්ධ දර්ශනයයි.එහෙයින් මේ සබැදියාව එතකින් දෙකක් සේ නොපවතී.බෞද්ධ දර්ශනය පවතින්නේද සිංහල ජාතිකත්වය නිසාවෙනි .එලෙසින්ම සිංහල ජාතිකත්වය පවතින්නේ බෞද්ධ දර්ශනය නිසාවෙනි. එබැවින් මේ  ඉතිහාසයේ සිට නොයෙක් වර මේ අන්‍යොන්‍ය සම්බන්ධය  විනාශකිරීමට ගත් උත්සාහයන්ගේ ප්‍රතිපලයන්ම වන්නේය.එලෙසින් එකී අභිමානවත් ජාතියේ  මරණ සහතිකය මෙලෙසින් ලියාතබන්නෙය. 

               ..............................ක්‍රි.පු 247 දවස සුරතිස්ස රජු සිංහලේ රජ වේ.වසර සැටක් රජකම් කොට ක්‍රි.පු 237 දී දකුණු ඉන්දියානු කුලී හේවායන් දෙදෙනෙකු වූ සේන  හා ගුත්තික  ආක්‍රමණයකට යටත් වේ.මේ සිංහල දේශයේ සිංහල සංස්කෘතියට එල්ලවුද ඉතිහාසයේ පළමු  වුද  ආක්‍රමණයයි.එහෙයින් වසර 22 ක් සිංහලයාගේ ආර්ථිකයේ,   දේශපාලනයේ, සංස්කෘතියේ අරාජික යුගයක්ව පැවතියේය.
                                   නැවතත් ක්‍රි.පු 215 අසේල නම් සිංහල පාලකයා විසින් මහත් වෙහෙසක් දරා සේන හා ගුත්තිල නම් දකුණු ඉන්දියානු ද්‍රවිඩයන් මරා නැවතත් සිංහල බෞද්ධ සංස්කෘතිය තුබූ තැනම ස්ථාපිත කරනු ලැබේ.නමුදු දසවසරක් යාමට පෙර නැවතත් සිංහලයට අදුරු යුගයක් උදාවෙන්නේය.නැවතත් එළාර නම් දකුණු ඉන්දියානු ද්‍රවිඩයා සිංහලය ආක්‍රමණය කරන්නේය.එයින් වසර 44 ක් නැවතත් සිංහලද්දීපය අරාජික යුගයකට ඇදවැටේ.ක්‍රි.පු 161 වන තෙක්ම දුටුගැමුණු නම් සිංහල පාලකයා රජවෙනතෙක්ම පුරා වසර 44 ක් සිංහලයාගේ බෞද්ධ සංස්කෘතිය වනගත විය.
                                 නුමුදු දුටුගැමුණු මහරජු මහත් වෙහෙසක් දරා එළාර නම් ද්‍රවිඩයා මරාදමා දින සතක් යන්නට පෙර නැවතත් භල්ලුක නම් දෙමල සෙන්පතියකු හැට දහසක වූ දෙමල සේනාවක් රැගෙන මාතොටින් බැස එතැන් සිට අනුරපුරය දක්වා වූ සිංහල ගම්මාන විනාශ කරමින් සිංහලයන් සමුහඝාතනය කරමින් දුටුගැමුණු රජු හා සටනට පැමිණ පරාජයට පත් විය.
                      ක්‍රි.පු 103 දී වළගම්බා නම් සිංහල පාලකයා පත්වෙන්නේය.එකෙනෙහි රටේ සිදු වූ විවිධ අකරතැබ්බයන් නිසා නැවතත් දකුණු ඉන්දියානු ආක්‍රමණයකට නතු වෙන්නේය.එලෙසින් දකුණු ඉන්දියානු ද්‍රවිඩයන් සත්දෙනෙක් ලංකාපුරය ආක්‍රමණය කරන්නේය.නැවතත් සිංහල දේශය අරාජික වන්නේය.දෙමල සෙන්පතියන් සත්දෙනාගෙන් පසු නැවතත් ද්‍රවිඩයින් පස් දෙනෙකු නමින් පුලහත්ත ,බාහිය,පනයමාර,පිලියමාර,දාතියා ,නම් දෙමළුන් සත් දෙන විසින් මෙරට ආක්‍රමණය කරමින් වසර 14 ක් රජකම් කරයි.
                                                     ක්‍රි.ව 110 දී වංකනාසික තිස්ස නම් ලම්බකර්ණ වංශික සිංහල රජු රජකමට පත්වන්නේය.මේ රජු දවස දකුණු ඉන්දියානු දෙමල සතුරු සේනාවක් මෙරට ආක්‍රමණය කරයි.මුළු රජරටම විනාශ කරමින් ගම් නියම් ගම් ගිනිතියමින් සිංහලයන් ඝාතනය කරමින් දොළොස් දහසක සිංහලයන් සිරකරුවන් ලෙස ඉන්දියාවට ගෙන යයි.
                                         ක්‍රි.ව 434 මිත්සේන් රජු දවස දකුණු ඉන්දියානු ද්‍රවිඩ පාලකයෝ සය දෙනෙක් [ පාරින්ද,කුඩ්ඩ පාරින්ද,තිරිතර ,දතියා,පිතිය] මහත් සේනාවක් ගෙන සිංහලේ ආක්‍රමණය කොට මෙරට රජකම පැහැරගත්තේය. පුරා වසර හතක් මෙලෙසින් රට අරාජිකව පැවතියේය. රජරට සිටි සිංහලයන් රජරට අතහැරදමා රුහුණට පලාගියේය. 
                  ක්‍රි.ව 640 දී අග්ගබෝධි රජු කල ඉන්දියාවේ සිටි දාතෝපතිස්ස රජු මහත් ඉන්දියානු දෙමල බලසේනාවක් රැගෙන ලක්දිව ආක්‍රමණය කරයි.නැවතත් ලක්දිව මහත් අරාජික යුගයකට  පත් වේ.ලංකාවේ සිටි ඇතැම් සිංහලයන් මේ දුක් කම්කටොලු විදදරා ගැනීමට නොහැකිව ඉන්දියාවට පලාගියබව ඇතැම් ඉතිහාස වාර්තා පෙන්වාදෙ ."ඒ රජු පෙර රජ දරුවන් කල සියල්ල විනාශ කළේය .රන් පිළිම බිද රන් ගත්තේය, රන් මාලා ඇතුළු සියලු පුජා භාණ්ඩ පැහැර ගත්තේය.ථූපාරාමයේ රන්කොත පැහැර ගත්තේය.රුවන්වැලි සැයෙහි මා  හැගී රත්නයෙන් යුක්ත වූ ජත්‍රය බින්දේය. මහාපාලි දන්සලේ බත් ඔරු දෙමළුන්ට දුන්නේය.ඒ දෙමලු දාගැබ බිද රජමාලිගා ගිනිබත්  කළේය"  මේ දරුණු අපරාධය නිසා සමහර සිංහලයෝ ඉන්දියාවට පලා ගිය බවට ක්‍රි.ව 659 දී ඉන්දියාවට පැමිණි " හියුංසා" නම් චීන වන්දනා කරුවා ගේ වාර්තා පොත් වල සදහන් වේ. එලෙසින් එදා ලක්දිව පවතී අපරාධ නිසා ඔවුන් එහි ගිය බවද , ලංකාවේ සියලු ගොවිතැන් පාළු වී ඇති බවද ,ශාසනය පිරිහී ඇති බවද සිංහලයන්ගෙන් තමන් දන ගත් බව එහි සදහන් වේ. මෙලෙසින් වසර දොළොස් අවුරුද්දක් රට අරාජිකව පැවතියේය.   
                     නැවතත් ක්‍රි.ව 661 ලක්දිව මහත් වූ වියෝවුල් සහිත කාලයකි රටේ පාලනයෙන් හරි අඩකට වඩා වැඩි කොටසක් පාලනය කෙරුවේ දකුණු ඉන්දියානු ද්‍රවිඩයින් විසිනි.මෙකල රටේ පාලනය මාන නම් සිංහල කුමරුවෙක් අතෙහි වුවද. බලසම්පන්න අතින් ද්‍රවිඩයන් පාලනය හෙබවිය.මෙකල රට අවුල් තත්වයක පවතින බව දැනගත් දකුණු ඉන්දියාවේ ආක්‍රමණයන් වලට නොයෙක් ආකාරයෙන් අර අදිමින් සිටියේය.
                           ක්‍රි.ව 691 දී දත්ත නම් දකුණු ඉන්දියානු පාලනයකට යටත් වූ රුකඩ රජෙක් මෙරට රජකම හෙබවිය.මෙකල මුළුමහත් අනුරාධපුරයේම පාලනය හා බලය දෙමළුන් සතු වී තිබුණි.පොත්කුට්ට නම් ඇමතියකු මුළුමහත් අනුරපුරයේම බලය සියතට ගෙන තිබිණි.සතරවන අග්ගබෝධි රජු ඇවෑමෙන් පොත්තකුට්ට නම් දෙමළා රාජ්‍ය බලය සියතට ගත්තේය.ඔහු රජුගේ මරණයෙන් පසු දතාශිව නම් යුව රජු අල්ලා සිරකරනු ලැබිය.රටේ රාජ්‍ය සම්ප්‍රදායට අනුව සිංහලයකු රජවිය යුතුය යන මතය හේතුවෙන් පොත්තකුට්ට නම් දෙමළා දත්ත නම් සිංහල රජෙකු නමින් පමණක් රජකමේ තබා තෙමේ රාජ්‍ය පාලනය ගෙන ගියේය.   
               ක්‍රි.ව 846 දී පළමුවන සේන නමින් සිංහල රජෙකු සිංහලද්දීපයේ රජ වේ. අනුරාධපුරයේ දෙමලුන්ගේ වර්ධනය ඉමහත් බැවින් හෙතෙම පොලොන්නරුව රාජධානි කොට ගත්තේය.සේන රජු සමයේ පඩි දේශයේ රජු මහත් වූ දෙමල බල සේනාවක් රැගෙන ලක්දිවට පැමිණ දිවයිනේ උතුරුකරයේ සිට කොල්ලකමින් අවුත් මාපලගම නම් ස්ථානයේ කදවුරු බැද ගත්තේය. එකල්හි උතුරුකරයේ සිටි දෙමල පිරිස්ද පඩි රජුගේ දෙමල සේනාවට බැදුණි.සේන රජු හා පඩි රජු අතර වූ සටනින් සිංහලයන් පරාජයට පත් විය.පඩි රජු මුළුමහත් රාජධානියම කොල්ල කෑවේය.වෙහෙර විහාර විනාශ කළේය.සිංහලයන් සමුලඝාතනය කළේය,එකනෙහි සේන රජු මලය රටට පලාගියේය.මේ හේතුවෙන් රට අරාජික වූවාක් මෙන්ම අතිශය නිසරු විය.
                               තුන් වන සෙන රජු ඇවෑමෙන් ක්‍රි.ව 964 දී තුන්වන උදය නමින් සිංහල රජෙක් ලක්දෙරණේ පහල විය.හෙතෙම රාජ්‍ය පාලනයේ අදක්‍ෂයෙක් විය.මේ තත්වය දැනගත් සොලින් සිංහලය ආක්‍රමණය කරයි. 
                         ඉදින් වසර කීපයක් ගතවෙත්ම නැවතත් දමිලයන්ගේ බලපෑමක සේයාවක් මුළුමහත් ලංකා රාජ්‍ය පුරාම දක්නට ලැබේ.ක්‍රි.ව 975 දී හතර වන මිහිදු නමින් සිංහල රජෙක් රට පාලනය ගෙන යන අතරතුර දකුණු ඉන්දියානු සොළින්ගේ ආක්‍රමණයකට මුහුණ දෙයි. මිහිදු රජු රජ පැමිණ නොබෝ කලකින් වල්ලභරාජ නම් සොලී රජු ලංකාව ආක්‍රමණය කරයි.             
                          ක්‍රි.ව 991 දී පස්වන සේන නමින් සිංහල රජෙකු පහල වේ.මේ රජු යටතේ සෙන නම් සෙන්පතියෙක් මේ රජු යටතේ රාජකාරියේ නිරත වෙමින් සිටි. රජු සිය රාජකාරියක් සදහා නුවරින් පිටත්ව ගිය අවස්ථාවක.තම සෙනවි පදවිය මහාමල්ල උදා නම් ඇමතියෙකුට දුන්නේය.  සෙන නම් සෙන්පතියා මින් කිපී මහත් බලසේනාවක් රැගෙන රජු හා සටන් කොට මුළුමහත් අනුරාධපුරයම යටත් කොට ගනී. සේන රජු තම මහාමල්ල ඇමතියා සමග රුහුණට පලා යයි.මේ සටනේදී සෙන නම් සෙන්පතියාට දෙමලුන්ගේ සහය ලැබේ. දෙමළුන් කල උපකාරයට හෙතෙම අනුරපුර පළාත දෙමල ප්‍රධානීන්ට භාර දී තෙමේ පොලොන්නරුව ගොස් එහි වාසය කරයි. මින් ප්‍රොයෝජන ගත් දෙමළුන් රිසි සේ අනුරපුරයේ සියලු සිංහල ගම් බිම් විනාශ කරමින්, සිංහලයාගේ දේපල කොල්ල කමින් සිංහලයා සමුලඝාතනය කරමින් මහත් විනාශයක් සිදුකළේය.  
                10 වන සියවස වන විට ලංකාවේ දකුණු ඉන්දියානු දෙමල ආධිපත්‍ය සිග්‍ර ලෙස ව්‍යාප්ත වී තිබිණි.සෙන නම් ජාතිද්‍රෝහීයා සිය බලතන්හාව හේතුකොටගෙන ඉන්දියාවේ සිට මෙරටට ගෙනා දෙමල,කාලිංඝ ආදී විවිධ ජාතින් රටපුරා ආධිපත්‍ය දරමින් සිංහලයන්ට අඩම්තේට්ටම් කරමින් සිටියේය.එහෙයින් එකල රටේ රජු ලෙස සිටි පස්වන මිහිදු රජු කලකිරීමෙන් සිය රාජ්‍ය පාලනය ගෙන ගියේය. රට අකර්මන්‍ය වෙමින් පැවතිනි, ගම් බිම් විනාශ මුකයට පත්විය,රට වියෝවුලෙන් වියවුලට පත් විය. රාජ්‍ය භාණ්ඩාගාරය හිස් විය. කුලී හමුදාවන්ට වැටුප් ගෙවීමට නොහැකි විය. එහෙයින් කුලී හමුදාවෝ රජ මාලිගය වැටලී.
                        මෙලෙසින් ලක්දිව අරාජික යුගයක පෙරනිමිති පහල වෙමින් පැවතියේය.මේ වකවානුව වන විට මායා රටේද කේරල , කර්ණාටක ආදී විවිධ ජාතින් අධිපතිකම් දරමින් සිංහලයන්ට අඩම්තේට්ටම් කළේය.සිංහලයෝ බොහොම දුර්වල විය.ලංකාවේ සිංහලයින්ට නියම රජෙක් නැති බවත්,දුර්වල පාලනයක් පවත්නා බවත් දැනගත් එකල බලවත් වෙමින් පවතී සොලී අධිරාජ්‍යයේ පළමුවන රාජ රාජ නම් දෙමල රජු ක්‍රි.ව 1017 දී බලවත් සොලී හමුදාවක් රැගෙන ලක්දිව ආක්‍රමණය කරමින් ලක්දිව තම අධිරාජ්‍යට නතුකර ගත්තේය.
                                                සොලී සේනාවෝ ගොඩබට තැන පටන් සියලු ගම්බිම් විනාශ කරමින්,දාගැබ් විනාශ කරමින්,මහත් වූ වියසනයක් කොට මුළු මහත් ලක්දිවම යටත් කොට ගත්තේය. ඉතිහාසයේ මේ තාක් සිංහලයන්ට සිදුවූ දරුණුම යුගය ලෙස මේ යුගය සැලකේ.... මහාවංශයේ සදහන් වෙන පරිදි "තවද ඒ ද්‍රවිඩයන් විහාර දාගැබ් කොල්ලකමින් ඕජස් උරන යකුන් මෙන් ලක්දිව සියලු සාරය ගත්හ" යනුවෙන් සදහන් වේ.     මිහිදු රජු අල්ලාගැනීමත් සමගම අවරුදු 1500 ක කාලයක් සිංහලයාගේ වික්‍රමාන්විත සංස්කෘතියක තෝතැන්න වී තිබු අනුරපුර රාජධානිය විනාශ වී ගියේය...ඉදින් වසර 53 කට අධික කාලයක් "ජනනාපුරම්" යනුවෙන් දෙමල අධිරාජයාගේ පාලනයට යටත් විය........ 
                        වසර ගණනාවක් යනතෙක්ම දෙමළුන් හා වරින් වර සටන් ඇති විය. සිහලුන් දහස් ගණනක් මේ හේතුවෙන් මිය යැදිනි.මෙලෙසින්  පළමුවන විජයබාහු රජු රජවෙන තෙක්ම සිංහලය දෙමළුන්ට යටත්ව පවතී රාජ්‍යක් ලෙස වසර 53 ක් පැවතියේය.මෙම වියසනය විනාශ කරමින් මහත් වූ යුද්ධයක් කොට නැවතත් ක්‍රි.ව 1070 දී පොලොන්නරුව රාජධානි කොටගෙන පළමුවන විජයබාහු රජු එහි විසුවේය..ඒ තාක් දෙමළුන් විසින් පෙර පවතී අනුරාධපුර නගරයට සිදු කර ඇති විනාශය හේතුවෙන් නැවත අනුරපුරයෙහි රාජධානියක් පිහිටවීමට නොහැකි බැවින් එතැන් පටන් පොළොන්නරුවේ සිංහල රාජධානිය ගොඩනැගෙ.
                                   ක්‍රි.ව 1215 ට එලබේ, සිංහලයාගේ තවත් දරුණුතම යුගයක් නැවත පැමිණෙමින් සිටි.මෙකල ලක්දිව පරාක්‍රම නම් කුමරෙක් මෙරට රජ කරන තුන්වෙනි වසරේ දකුණු ඉන්දියාවේ කාලිංඝ දේශය කෘර වූ මාඝ නම් සෙනවියෙක් 24000 ක් වූ දෙමල සේනාවක් රැගෙන ලක්දිව ආක්‍රමණය කරමින් පොළොන්නරු වේ සිහසුන අල්ලාගනී.මාඝගේ සේනා වේ සිටි භිල්ල නම් කෘර භටයෝ ඒ ඒ තැන සිංහලයන් මරා දමමින් සිංහලයන්ගේ වස්තුව කොල්ලකමින් බිහිසුණු අපරාධ කළහ. ධනවතුන් අල්ලා බැද දාමා ඔවුන්ගේ වස්තුන් තම සන්තකයට ගෙන ඔවුන් දිළින්දන් බවට පත් කළේය. පිළිම ගෙවල්, විහාර, පන්සල්, රජමාලිගා ආදී සියලුම දේ විනාශ කළේය. ඒවායේ තිබු වටිනා පුස්තක දහස් ගණනක් ගිනිබත් කළහ. රජමාලිගය වටලා පරාක්‍රම රජු අල්ලා රජුගේ ස් ගලවා රජු කෘර ලෙස වද බන්ධනයට පත්කරනු ලැබුවේය. මෙලෙසින් බොහෝ විනාශ කරමින් රට යටත් කරමින් මාඝ තෙමේ පොළොන්නරුවේ බොහෝ කාලයක් රජකම් කළේය. ඔහුගෙන් සිදු වූ විනාශය පෙර මෙහි වන් පරසතුරන්ගෙන් සිදු වූ හානිවලට වඩා සිය දහස් ගණනින් වැඩි බව විචාරකයෝ පවසයි. හෙතෙම අමිශ්‍රව සිටි  සිව් කුල ජනයා මිශ්‍ර කළේය. සිංහලයන් සතු වූ ගම්බිම් කෙත්වතු,ගව ආදී සියල්ල විජාතිකයන්ට පවරා දුන්නේය.විහාරම , පිරිවෙන් බිද ඒවා තම සහචරයින්ගේ වාසස්ථාන සදහා ලබා දුන්නේය. බුද්ධාගමට විරුද්ධව සියලු අකටයුතුකම් සිදුකළේය.තම ආගම වැලද ගන්නා ලෙසට බෞද්ධයන්ට බල කළේය.මෙලෙසින් වසර විසි එකක් රට මාඝ නම් දෙමලාගේ කෘර පාලනය නිසා අර්ජික විය.
                    කාලිංඝ මාඝ පොළොන්නරුවට කල හානිය හේතුවෙන් නැවතත් පොළොන්නරුවෙහි රාජධානිය පිහිටවීමට තරම් ශක්තිමත් වටපිටාවක් නොමැති බැවින් එතැන් පටන් සිංහල රාජධානිය දදෙනියට මාරු වේ
             මේ අතර ක්‍රි.ව 1247 දී  පොළොන්නරුවේ මාඝ රජු ද දිවයිනේ උතුරු වෙරළේ තොටුපළවලට දකුණු ඉන්දියාවේන් දහස් ගණන් කුලී භටයින් ගෙන්වා බලඇණි තර කරන්නට විය. මෙසේ පරාක්‍රමබාහු රජතුමා මාඝ පරදවා පලවා හරින්නට සුදානම් වෙද්දී එතුමාට තවත් ආක්‍රමණිකයෙකුට විරුද්ධව සටන් කරන්නට සිදු විය. ඒ එතුමා 11 වන වර්ෂයේ ඉන්දියාවේ සිටි චන්ද්‍රභානු නම් දෙමල ජාවක සහසිකයාගේ ආක්‍රමණයයි. 
                    ක්‍රි.ව 1272 දී පළමුවන බුවනෙකබාහු නමින් සිංහල රජෙකු ලක්දිව පහල වේ. මේ රජු දවස පඩි රටෙහි ආර්ය චක්‍රවර්ති නම් අධිපතියෙක් ලක්දිවට ගොඩ බැස උතුරු දෙස ගම් නියම්ගම් කොල්ලකමින් යාපහු නුවරට පැමිණ දළදාව පැහැරගෙන ගොස් පඩි රටේ කුලසේකර රජුට දුන්නේය 
                        මේ එළබෙන්නේ 14 වෙනි සියවස් යුගයටය එතෙක් පැවතී ආක්‍රමණයන්ට වඩා දරුණු සමාජ වියසනයකට මේ සියවස ලක්වන්නේය.ඒ අරාබි ජාතිකයන්ගේ පැමිණීමත් සමගය. එලෙසින් මෙකල මෙරට පවතී ආර්ථික රටාවට ඇස කවමින් අරාබි ජාතිකයින් සිය වෙළද ව්‍යාපාර සිදුකිරීම සදහා ලක්දිවෙහි මුහුදුබඩ ප්‍රදේශයන් සිය වාසස්ථානයන්  කරගනි.
                               15 වෙනි සියවස වන විට සිංහලද්දීපය නැවතත් දරුණු අරාජික කාලපරිච්චේදයකට ඇදවැටෙමින් පැවතෙයි.මේ වන විට ලංකාවේ.ආර්ථික , දේශපාලනික , සමාජීය තත්වයන්ට දරුණු ලෙස මුස්ලිම් ජාතිකයින්ගේ බලපෑම බහුල ලෙස වර්ධනය වෙමින් පැවතුනි.සමස්ත රටේ ආර්ථිකය ඔවුන් සතුව පැවතෙයි.මුහුදුබඩ පළාත් සියල්ලන්ගේම බලය "මලබාර් මුස්ලිම් ජනයා"ගේ පාලනයට යටත්ව පැවතිනි.මේ අතර විවිධ කුලී මුස්ලිම් සටන්කරුවන් ඒ ඒ නගරවල නගර ආරක්ෂකයන් සේ පාලන කටයුතු ගෙන ගියහ.මේ තත්වය මේ පැවතෙද්දී නැවතත් තවත් විජාතිකයින්ගේ බලපෑමකට සිංහලයන්ට මුහුණදීමට සිදු වේ. ක්‍රි.ව 1505 දී පෘතුග්‍රීසීන් ලක්දිවට සේන්දු වේ.1505 හෝ 1506 දී සිදු වූ ලංකාවේ ප්‍රථම පෘතුග්‍රීසි පැමිණීම කෙරුණේ ලොරොන්සෝද අල්මේදා විසින් හදිසියේ මුහුණ පෑ කුණාටුවේ ප්‍රථිඵලයක් ලෙස ඔහු ලංකාවේ ගාල්ලට ආසන්න වෙරළට ගසා ගෙන ඒමෙණි.1505 හෝ 1506 වසරේ අන්තිම මාස කිහිපය තුළ ලොරෙන්සෝගේ නැව් හමුදාව කොළඹට පිටතින් නැංගුරම් ලන ලදී. 
                    පෘතුග්‍රීසීන් කෝට්ටේ රජු හා සම්බන්ධතා වර්ධනය කරගත්තේය.මුස්ලිම්වරු වහාම කළේ කෝට්ටේ රාජධානි‍යේ ඔවුන්ගේ ආධිපත්‍යය පැතිරවීමටත් කුරුඳු වෙළඳාමේ අයිතිය නැවත ඔවුනට ලබා ගැනීමටත් උත්සාහ කිරීමයි. කෙසේ වෙතත් ඒ වන විට ලංකාවේ රැඳී සිටි පෘතුග්‍රීසීන් ස්වල්ප දෙනෙක් විසින් ඔවුන්ගේ උත්සාහය ව්‍යර්ථ කරන ලදී. මාපිල්ලාවරු (මලබාර් මුස්ලිම් ජනතාව) 1539 දක්වා කෝට්ටේ සහ සීතාවක රාජධානි තුළ අර්බුදයන් ‍දියුණුකළ අතර පෘතුග්‍රීසීන් ලංකාවේ සිටීම සම්බන්ධයෙන් විරුද්ධ වූහ. කෝට්ටේ රජු වූ ධර්මපාල, දොම් ජුවඕ පෙරෙයිරා බණ්ඩාර නමින්ද බිසව දෝන කතරිනා නමින්ද නැවත බෞතීස්ම කරණු ලැබ ක්‍රිස්තියානි ආගමට හරවා ගනු ලැබූහ.මෙම වර්ෂවලදීම කෝට්ටේ රජු විසින් දිරිමත් කරන ලදුව මිෂනාරිවරු ලංකාවාසී ජනතාව ක්‍රිස්තියානි ආගමට හරවා ගැනීමේ කටයුතු ආරම්භ කළහ. ගිනිකොණ පෙදෙ‍සේ ධීවර ගම්මානවල පල්ලි ගොඩනැගුණි.1550 ඔක්තෝබරයේ අෆොන්සෝද නොරොඤ්ඤා විසුරේ තැන පෘතුග්‍රීසි හමුදා භටයන් 500 දෙනෙකු කැටුව ලංකාවට පැමිණියේය. ඔහු කෝට්ටේ යටත් කරගෙන සීතාවක රාජ්‍යය කොල්ල කෑවේය.1556 වන විට ධීවර ජනාවාසවල 70000 ක් ජනතාව ක්‍රිස්තියානි ආගමට හරවා ගන්නා ලදී. කෝට්ටේ රජු වූ ධර්මපාල, දොම් ජුවඕ පෙරෙයිරා බණ්ඩාර නමින්ද බිසව දෝන කතරිනා නමින්ද නැවත බෞතීස්ම කරණු ලැබ ක්‍රිස්තියානි ආගමට හරවා ගනු ලැබූහ. රජු අනුව යමින් ප්‍රභුවරු කිහිපදෙනෙක්ද දොම් යන ගෞරවාර්ථ පෘතුග්‍රීසි පදය තමන්ගේ නම්වලට එක් කර ගත්හ. එමෙන්ම පෘතුග්‍රීසි සිරිත් විරිත් සහ ඔවුන්ගේ භාෂාව භාවිතා කරන්නට පටන් ගත්හ. මෙවැනි ක්‍රියා හේතුවෙන් සිංහල පොදු ජනතාව රජු සහ රජුගේ පිරිවර කෙරෙහි කළ කිරුණහ.පෘතුගීසින් විසින් මහනුවර රජු සමග සටන් වැදීමට කැනේරියා දුපත් වල සොල්දාදුවන් ගෙන්වන ලදි. එවුන් පහතරට සිංහල ජනතාව සමඟ පදිංචි වු අතර මිශ්‍රව විසීය.කම්කරුවන් කේරල ප්‍රදේශයෙන් ගෙන්වා ගත් අතර ඔවුන් කුරුදු වතුවල කුරුදු තලන්නන් බවට පත්විය.1505 දී පෘතුග්‍රීසි යටත් විජිතවාදීන් ලංකාවට පැමිණීමෙන් පසු බෞද්ධාගමික කටයුතු ක්‍රම ක්‍රමයෙන් පිරිහීමට ලක් විය. තවදුරටත් කියතොත් පැවති පාලනයට මුහුණ දීමට සිදුවුණු අර්බුද, පෘතුග්‍රීසි මිෂනාරිවරුන්ගේ ක්‍රියාකාරකම් සහ වෙනත් ආපදා සහිත තත්වයන් හේතු කොටගෙන සැදැහැවත් භික්ෂූන් වහන්සේලා දන්ත ධාතූන් වහන්සේ ආරක්ෂිත ස්ථානයකට රහසේ ගෙන ගියහ.මෙලෙසින් පෘතුග්‍රීසීන් ලක්දිවෙන් එලවා දැමීමට සිංහල රජවරුන් විවිධ උත්සාහයන් ගත්තාහ.මෙලෙසින් අවස්ථා කීපයකදීම පෘතුග්‍රීසීන් හා වරින් වර සටන් ඇති විය.1562 දී මුල්ලේරියාවේ ද, 1594 දී දන්තුරේ ද, 1603 දී බලන සටන හා 1638 දී ගන්නෝරු සටන්ද ඇති විය මේවයේ සියල්ලන්ගේන්ම සිංහලයන් ජයක්ග්‍රහණය කලද සිංහලයන්ට සිදු වූ වියසනය ඉමහත්ය.මෙලෙසින් පෘතුග්‍රීසි ආක්‍රමණය හේතුවෙන් වසර 153 ක් ලක්දිව අරාජික සමයකට වැටෙමින් පැවතුනි.               
                                          පරංගින් ලක්දිවෙන් එලවාදැමීමට තවත් එවැනිම බලසම්පන්න ජාතියක් අවශ්‍ය බව වටහාගත් රාජසිංහ රජු 1637 දී ලන්දේසින් හා වැදගත් ගිවිසුමකට එලබේ.එලෙසින් වර්ෂ 165 දී ලක්දිවට ලන්දේසින් සේන්දු වේ. නුමුදු ලන්දේසින් ගිවිසුමේ ඇතැම් කරුණු ඉෂ්ට නොකළ හෙයින් රජු හා ලන්දේසින් අතර අමනාපකම් සිඝ්‍ර ලෙස වර්දනය වේ.1675 කාලය වන විට දෙපාර්ශවය අතර වරින් වර දරුණු ගැටුම් ඇති වේ. මෙලෙසින් ප්‍රොයෝජන ගත් ලන්දේසින් සිංහල ප්‍රදේශ ආක්‍රමණය කරමින් තම පාලනය ව්‍යාප්ත කළේය.පෘතුගීසීන් ගේ මහා විනාශකාරී පාලනයෙන් පසු ලන්දේසීන් ගේ පාලනය ආරම්භ විය.දේශීය සම්පත් මංකොල්ලයෙහි යෙදුණ අපරදිග වැසියන් අතර ලන්දේසීන්ට අද්විතීය තැනක්‌ හිමිවෙයි.රොබට්‌ නොක්‌ස්‌ ගේ වාර්තා සඳහන් කරන්නේ ලක්‌ පොළොවෙන් හතරෙන් එකක්‌ පමණ භූමි ප්‍රදේශයක්‌ ලන්දේසින් අත්පත් කර ගෙන සිටි බවයි.ලන්දේසීන්ගේ බලපෑම පෘතුග්‍රීසීන්ගේ බලපෑමට වඩා දරුණු විය.මෙලෙස වසර 138 ක් ලක්දිව ලන්දේසීන්ගේ බලපෑමට යටත් වෙමින් ලන්දේසි පාලනය නිමාවට පත්වෙන්නේ වර්ෂ 1796 දිය ඒ ඉංග්‍රීසින්ගේ පැමිණීමත් සමගය. 
                                     මේ කාලයේ ඉංග්‍රීසින් පෙරදිග වෙළද බලය තරකරගෙන තිබුණු අතර ලන්දේසින් වෙළද සමාගමේ බලය පිරිහෙමින් පැවතුනි.එහෙයින් ලන්දේසින් උඩරට රජු හා එළබි ගිවිසුමේ කොන්දේසි කඩකළේය.වැඩි කල් නොගොස් උඩරට රජු විසින් ඒ ගිවිසුම නොතකා හරින ලදී.මේ වනවිට ඉංග්‍රීසින් උඩරට රාජ්‍ය සමග සම්බන්ධතා තරකර ගැනීමට උත්සහා දැරුහ.මේ වකවානුවේ ඉංග්‍රීසිහු ලන්දේසින් පලවා හැරීමට උඩරට රජුගෙන් ආධාර ඉල්ලුහ.මේ අතර ඉංග්‍රීසින් රජුගේ සහය නොලැබෙන බව දැන ලන්දේසින් පලවාහරින ලදී.මෙලෙසින් 1796 වන විට ලංකාවේ ලන්දේසින් සතු සියලුම ප්‍රදේශ ඉංග්‍රීසින් යටත් කරගන්නා ලදී.ඉංග්‍රීසින් උඩරටට ඇස කවමින් සිටියේය.රාජ්‍ය පාලනයේ සිදු වූ අක්‍රමිකතා හේතුවෙන් 1815 දී මුළු මහත් සිංහලද්දීපයම ඉංග්‍රීසි අධිරාජ්‍යට යටත් විය.මෙලෙසින් 1815 සිට 1948 දක්වා ලක්දිව අරාජික යුගයකට පත්වුයේය.විටින් විට රට තුල සිංහලයාගේ අයිතිවාසිකම් වෙනුවෙන් විවිධ නිදහස් සටන් ගණනාවක් ඇති විය.ඒවා සියල්ලම අසාර්ථක විය.සිංහලයන් ලක්ෂගනනක් මරුමුවට පත්වෙමින් සමුලඝාතනය කරන ලදී. 1818 මහා විමුක්‌ති සටනේදී මාස හයක්‌ තුළ සිංහල ජනගහනයෙන් දහයෙන් පංගුවක්‌ සමූහ වශයෙන් ඝාත කර, ගෙවල්, කුඹුරු, වතුපිටි ගිනි තබා ලක්‍ෂ ගණන් ගවයන් මරා දේශප්‍රේමී ජන බලයට පදනම් වූ ස්‌වයංපෝෂිත ආර්ථිකය විනාශ කර දැමුවේය.මෙලෙසින් ඉංග්‍රීසින්ගේ කෘර ක්‍රියාකලාපය නිසා එතෙක් පවතී සිංහල බෞද්ධ පදනම එතකින් විනාශ වී ගියේය.ඉංග්‍රීසින් විසින් කල විනාශය කාලිංඝ මාඝ නම් දෙමල ආක්‍රමණිකයාගේ විනාශය මෙන් දසගුනයක් විතර වෙතයි ඇතැම් ඉතිහාස විචාරකයෝ පවසති.
                ඉංග්‍රීසින් විසින් වතුකරය හෙවත් කන්ද උඩරට ප්‍රදේශයන්හි වැඩකටයුතු සදහා ඉන්දියානු දෙමළුන් පන්ලක්ෂයක් පමණ මෙරටට ගෙන ආවේය එසේම කාපිරි ජනයා කුලී හාමුදාවන් සේ මෙරට පදිංචි කළේය. එලෙසින් එතෙක් පවතී ව්‍යසනයන්ට වඩා මෙම කාරනාව වඩා දරුණු පසුබිමක් ගත්තේය.එතෙක් පවතී සිංහල බෞද්ධ සමාජ පදනම විනාශ වී.
                      වර්ෂ 1915 යන්න ඉංග්‍රීසි අධිරාජ්‍යට සිංහලය යටත්ව පවතී සමයකි.රට තුල වියසන කාරී වුද ගැටුම් සහිත යුගයකි.මෙලෙසින් පවතී සමයේ තවත් අදුරු සේයාවක් ගොඩනැගෙමින් පැවතුනේය.
                                   ලංකා‍වේ බහුතරයක් වු සිංහලයන් අතරට ද‍්‍රවිඩ ජාතිකයන් ද කතෝලිකයන් ද එක් වූවා මෙන් ම මුහම්මද් ආගමිකයන් වූ බොහෝ විට අතීතයේ සිට මෙරටට වාණිජ කටයුතු සඳහා පැමිණි පිරිස් ද මෑතක දී වෙළදාම පිණිස දකුණු ඉන්දියා‍වේ මලබාර් වෙරළින් ද සංක‍්‍රමණය වූ සිංහලයන්විසින් 'ඉන්දියානු මුවර්වරු'ලෙස හැඳින් වු පිරිසක් ද තවත් ජා,ඇෆ්ගන්,බෝර්වරු ස්වල්ප දෙනෙක් වාසය කරන ලදී.මෙවැනි විවිධ ජන වර්‍ගයන් වාසය කරන ලංකා‍වේ වැඩි දෙනා වු සිංහල බෞද්ධයන් වාර්ෂිකව ගම්පළ වලහගොඩ දේවාලයේ සිට පවත් වනු ලබන ඇසල පෙරහැරක් විය.1907 දී අඹගමුව වීදියෙන් ඉන්දියානු වෙරළබඩින් ආ මුස්ලිම්වරු විසින් පල්ලියක් ඉදිකරන ලද අතර ඔවුන් මෙම පෙරහැරට සැමවිටම විරෝධය පෑම සිදුකරන ලදී.එහෙත් එයට පෙර සිටි අනෙකුත් මුස්ලිම්වරුන්ගෙන් එසේ නොවීය.පෙරහැර පැවැත් වීම සම්බන්ධව වසරක් පාසා පළාතේ මුලාදෑනීන්ගෙන් ද මහනුවර ඒජන්තගෙන් ද අවසර ලබා ගැනී‍මේ නියෝගයක් විය.මෙයට පෙර පොලීසිය විසින් දෙන ලද අවසර පත‍්‍රයෙහි කවර පූජනීය ස්ථානයක් වුව ද ආගමානුකූල කෘත්‍යයන් පවත් වන කාලය තුළ දී ඒ ස්ථානයට පෙර හා පසුව යාර 100ක් ඈත දී වාදනය නතර කළ යුතු බවට’ සඳහන් විය.එහෙත් පසුව මුවර්වරුන් සම්බන්ධ කොට විශේෂ සඳහනක් ඇති බව දක්නට ලැ‍බේ.බ්ලැක්ස්ටන් පෙන්වා දෙන ආකාරයට 1907 සිට සෑම වසරක ම මුස්ලිම්වරු කෙසේ හෝ මෙම පෙරහැරට විරුද්ධ වීම හේතු කොට ගනිමින් 1909 දී බස්නායක නිලමෙගේ නියෝගය නොතකා පොලීසිය පෙරහැර ගමන් ගන්නා මාර්‍ගය වෙනස් කරන මුත් 1911 දිත් මෙම ගැටලුව මතු වුවාට සාම්ප‍්‍රදායික පෙරහැර ගෙන යන මාර්‍ගය තුළ නැවත පෙහැර ගෙන යාමට ඒජන්ත අවසර ‍‍‍‍දුණි.එහි දී වෙරළබඩ මුස්ලිම්වරුන්ගෙ පල්ලියකට යාර 50 කට පෙර හා පසුව තූර්යවාදක භාණ්ඩ හා බෙර වැයීම නොකළ යුතු බවට නීතියක් සඳහන් වී තිබූ බව’4 ඔහු පෙන්වා ‍‍‍දෙයි.‍මේ සඳහන් කර තිබූ නීතිය 1912 දී පෙරහැර පැවැත් වීමට යා‍මේ දී තද බල ඝට්ඨනයක් ඇති කළේය.එනම් 1912 දී නව පත් වීම් ලද බස්නායක නිලමෙට පෙරහැර සදහා අවසර ලැබුණු අතර, එහි දී මෙම නීතිය මගින් කරන ලද බලපෑම මත නිලමෙවරයා දේවාල නිලධාරීන්ගේ අයිතිවාසිකම් උල්ලංඝනය වන බවට නුවර දිස්ත‍්‍රික්ක උසාවියේ නඩුවක් ගොනු කළේය.
                                                  1914 පෝල්.ඊ.පිරිස් බෞද්ධයන්ට සාධාරණ වන ලෙස තින්දුව ප‍්‍රකාශ කළ ද තීතිපති විසින් එය ලංකා‍වේ ‍‍‍ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කරන ලදී.එහි දී පීරිස්ගේ තීන්දුව 1915 පෙබරවාරි 2 දින මහෙස්ත‍්‍රාත් ෂෝ හා ඩි සිමිපියෝ විසින් වෙනස් කරන ලහ.මෙයින් සෑහීමකට පත් නොවූ ගම්පළ බෞද්ධයන් එහි සාධාරණත්වයක් බලාපොරෙත්තුවෙන් ලන්ඩන්හි ප‍්‍රිවිකවුන්සලයට අභියාචනා කළේය.ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුව උඩරට රාජධානියේ අවසානය ලෙසත් මුවර්වරුන්ගෙන් සිදුවන බලපෑම සාම්ප‍්‍රදායික සිංහලයන්ගේ අයිතීන්වලට හා සිරිත්වලට වන හානියක් ලෙසත් බෞද්ධයන් සිතීය.නිලමෙවරුන් 1815 ගිවිසුමෙන් කළ බෞද්ධාග‍මේ විහාර හා දේවාල ආරක්ෂා කරන බවට කළ සඳහන පිළිබඳව තර්‍ක කරන ලදී.බ්‍රිතාන්‍යයන් බලවත් වූවද ගිවිසුම ආරක්ෂා කරන බවට විශ්වාසය සිංහලයන් තුළ පැවතිය ද ලන්ඩන්හි ප‍්‍රිවිකවුන්සලය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ගන්නා ලද තීරණය නිවැරදීය යන සඳහන සිංහල බෞද්ධයන්ගේ අපේක්ෂාවන් කඩා බිද දැමීය.එයට හේතුව ලෙස බ‍්‍රිතාන්‍යයන් පැවසූයේ වැඩිදෙනාගේ කැමැත්තට හා නීතිමය වශයෙන් කරන වෙනස්කම් කාලයත් සමග වෙනස් විය යුතුය යන්න හා සිංහලයන් සඳහන් කරන ආකාරයේ ගිවිසුමක් අපට පිළිගත නොහැකය,තීරණ ගැනිමට බලය ඇත්තේ බ්‍රිතාන්‍යයන්ට පමණයි යන්නය.5 සෙංකඩගල ගිවිසුම පිළිබඳ ශත සංවත්සරය උදා වී තිබූ අවධියක බ්‍රිතාන්‍යයන්ගේ මෙවැනි අදහසක් උඩරට ගිවිසුම’ හුදු නාමික ලේඛනයක් බවට පත් කර ඇති බව පෙනෙයි.සිංහල ජනයාට ඉන්දියානු මුස්ලිම් වැසියන් කෙරෙහි පවතින අප‍්‍රසාදයත් මත බ්‍රිතාන්‍යයන්ගේ මෙවැනි ක‍්‍රියාවන් වසර ගණනාවක සිට කරගෙන එන ලද ආගමික පුද පූජාවන්ට කරන ලද නිග‍්‍රහයක් විය.‘සෑම ආගමික ස්ථානයක් අසල දී ම’ යන සාමාන්‍යය නීතියට සමගාමිව මුවර් පල්ලියක් ඉදිරියෙන් යන විට’ යන නව වාක්‍යය ගලපා තිබීම විශේෂ වූවා මෙන්ම එය එක්තරා ආකාරයකින් මුවර්වරුන්ට බ්‍රිතාන්‍යයන් කළ උපකාරයක් බදු විය.මයිකල් රොබට්ස් පෙන්වා දෙන ආකාරයට බ්‍රිතාන්‍ය රජය පනවා තිබූ නීති සිංහලයන් පවත්වා ගෙන ගිය ආගමික කටයුතුවල දී බාධා පැමිණ වීමට මුවර්වරුන්ට පහසුවක් වු බවයි.6 බ්‍රිතාන්‍යයන්ගේ මෙවැනි ක‍්‍රියා අධික මිලකට දුප්පතුන්ට භාණ්ඩ අලෙවි කරමින් ලාභ ලබන මුවර්වරු හා ලංකාවෙන් වාණිජ කටයුතුවල දී වාසි තකන බ්‍රිතාන්‍යයන්ට එකම ක්ෂේත‍්‍රයකදී ගණු දෙණු කරන විට හොඳ හිත පවත්වා ගෙන යෑම අතිශය වැදගත් වන්නට ඇත.
                      මෙලෙසින් 1915 ඇති වූ සිංහල මුස්ලිම් ගැටුම නිසා සිංහල බෞද්ධයන්ට එතෙක් පවතී වරප්ප්‍රසාද සියල්ල අවලංගු කෙරිණි.ගැටුමට හේතුව වුයේ මුසල්මානුවන්ගේ යටිකුට්ටු වැඩ බව ඒත්තු ගැන්වූයේය.බිතාන්‍යයෝ ඉන් ප්‍රයෝජන ගත්තේය.එතෙක් සිංහල බෞද්ධයන් වෙනුවෙන් පෙනී සිටි සියල්ලන්වම අත්අඩංගුවට පත් කෙරිණි.සමහරෙක්ට  ජීවිතාන්තය දක්වා සිරදඩුවම් පමුනුවේය, ඇතැමෙක් ඉංග්‍රීසි නිතිය යටතේ මරුමුවට පත්කළේය.සිදු වී සියල්ලන්ගෙන්ම අසාධාරණය සිදු වුයේ සිංහලයන්ටය. මෙලෙසින් 1915 ඇති වූ සිංහල මුස්ලිම් කෝලාහලය එතෙක් සැගවී සිටි මුස්ලිම් අන්තවාදය හෙළි වීමක් බව ඇතැම් විචාරකයන් පෙන්වා දේ. 
                                                            වර්ෂ 1971 දී ජනතා විමුක්ති පෙරමුණ නමැති සංවිධානයක් විසින් ලංකා ආණ්ඩුවේ පාලනයට එරෙහිව කැරැල්ලක් දියත් කරයි.ලංකා ආණ්ඩුවේ පොලිස් ස්ථානයන් වලට පහර දෙමින් ඇරබුනු මේ සටන හේතුවෙන් රට තවත් භීෂණ යුගයකට දවටුනේය.එවකට එල්ටිටි සංවිධානය නමැති දෙමල ත්‍රස්තවාදී සංවිධානයක් උතුරු නැගෙනහිර තම නිජභූමිය යැයි පවසමින් වෙනමම සිංහලයාට එරෙහිව සටනක් ගෙන ගියේය.මේ හේතුවෙන් උතුරු නැගෙනහිර සිංහලයා එලෙස වියසනයකට ඇදවැටෙන අතර දකුණේ ජනතා විමුක්ති පෙරමුණ නමැති සංවිධානයක් ආයුධ අතට ගැනීම නිසා තව තවත් සිංහල ජනයා අගාදයෙන් අගාදයට දවටුනේය.ජනතා විමුක්ති පෙරමුණේ ක්‍රියා කලාපයට එරෙහිව එවකට සිටි රජයද දැඩිව නිතිය ක්‍රියාත්මක කළේය.මෙලෙසින් එකී සංවිධානය හා රජයේ ක්‍රියා කලාපය හේතුවෙන් ලක්දිව ඇති වූ භිෂනකාරි තත්වය නිසා බහුතර බලපෑමක් ඇති වුයේ සිංහල ජනතාවටය.මේ හේතුවෙන් එවකට මියගිය සිංහල ජනගහනය 30000 ක් ඉක්මවන බව සංඛ්‍යා වාර්තා පෙන්වා දෙයි,ලක්ෂ ගණනක් වූ සිංහල පවුල් මේ නිසා අනාත විය,50000 දහසකට පමණ රැකියා අහිමි විය,රටේ කීර්තියක් ඉසිලීමට තරම් තිබු  සිංහල උගත් පරපුර සහමුලින්ම ඝාතනය විය.
                                 වර්ෂ 1976 එතෙක් යටපත්ව පවතී දෙමල නිජභූමි සංකල්පය නැවතත් කරලියට එමින් එල්ටිටි නමැති ත්‍රස්තවාදී සංවිධානය  වේලුපිල්ලේ ප්‍රභාකරන් විසින් ආරම්භ කෙරුණි. මෙම සංවිධානයේ අරමුණ වුයේ ශ්‍රී ලංකාවේ උතුරු නැගෙනහිර පළාත් තුල ස්වාධීන දෙමල ඊලම් රාජ්‍යයක් බිහි කිරීමයි. එලෙසින් වසර තිහකින් පසුව එකී දෙමල ත්‍රස්තවාදී සංවිධාන වර්ෂ 2009 දී දරුණු යුද ගැටුමකින්  පසුව පරාජයට පත් විය.එල්ටිටි සංවිධානය මගින් සිදුකල සිංහල මිනිස් ජනඝාතන සංඛ්‍යාව ලක්ෂ දෙකක් පමණ වෙතයි ගණන් බලා ඇත.යුද්ධය හේතුවෙන් විසිදහසක් පමණ වූ විරෝධාර සිංහල හමුදාවන්  ජාතියට අහිමි විය. තවත් දසදහසක් පමණ සෙබළුන් ආබාදිත විය. උතුරු නැගෙනහිර සිටි සිංහල ප්‍රදේශ විනාශ විය.ඒවායේ සිටි සිංහලයන්ට තම නිජභූමිය අහිමි විය.ඔවුන් දකුණට සංක්‍රමණය විය.   
                                   නැවතත් වර්ෂ 1988 දී නැවතත් පෙර පවතී ජනතා විමුක්ති පෙරමුණේ දෙවෙනි කැරැල්ලක් රට තුල ඇති වේ.එවකට සිටි රජයද දරුණු පාලන ප්‍රතිපත්තියක් ගෙනගිය අතර මේ හේතුවෙන් මෙම කැරැල්ල ඇති විය.ඒ අනුව 88-89 යන්න ලක්දිව දරුණු භීෂණ යුගයකි.1971 පවතී දරුණු කාලපරිච්චේදයට වඩා මේ යුගය ඉතාමත් වියසන යුගයක්ව පැවතුනේය.මේ හේතුවෙන් සිදු වූ සියල්ලන්ගෙන් වැඩි බරපතල හානියක් වුයේ සිංහලයාටය. ජනතා විමුක්ති පෙරමුණේ හා එවකට සිටි රජයේ ක්‍රියා කලාපය හේතුවෙන් රටතුල ඇති වූ සිංහල මනුෂ්‍ය ඝාතන සංඛ්‍යාව නිලනොවන වාර්තා අනුව ලක්ෂයක් පමණ වෙතයි ගණන් බලා තිබේ,ගෙවල් ගිනි තැබීම හා පැහැරගැනීම් මංකොල්ලකැම් අතින් දරුණුවට පැවතුනේය.මේ හේතුවෙන් ලක්ෂයක් පමණ  සිංහල පවුල් අනාත විය.රැකියා දස දහස් ගණනක් අහිමි විය.
               "මේ ව්‍යසනය මෙතකින් නිම නොවේ.අප මේ පැමිණ සිටින්නේ 21 වෙනි සියවසටය.නිම නොවූ මේ අදෝනාව තවත් වසර දහස් ගණනක්ම පවතින්නේය. ලොව මෙවැනි වූ අගාදයකට, ආක්‍රමණයකට, කොල්ලකැමකට, සමුලඝතනයකට, ලක් වූ තවත් ජාතියක් පවතීද.  ඔවුන් ඉතිහාසය පුරාවටම ආරක්ෂා කලේ නිර්මල වූ බුදු දහමයි..එහෙයින් මේ සිංහල බෞද්ධ සබැදියාව පවතින තුරු තවත් එවැනි වූ ව්‍යසනයන්ට ඔවුන් මුහුණදෙනවා ඇත......එහෙයින් ඔවුන් ජාතිවාදියෝම වන්නේය"...       
                                                                  

                                                            - සිංහල ආර්ථික කේන්ද්‍රය - 

0 comments :

Post a Comment